2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

වේව්ලන Photographer

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 92

කලාවට සම්බන්ධ ආයතනයකට ළඟදි බඳවගත්තලු, නිශ්චල ඡායාරෑප ශිල්පියෙක්. මීට කලිනුත් ස්ටූඩියෝ එකක වැඩ කරලා තියෙන නිසා වැඩේට හරියයි කියලා හැමෝම හිතුවලු. ඇත්තටම මිනිහා හොඳ වැඩකාරයෙක්ලු.
හැබැයි එකම එක ප්‍රශ්නයක් තියෙනවා - ආයතනයේ වැඩවලට ජනප්‍රිය කලාකරැවන්ගෙ පින්තූරැ ගන්න වෙනවා. ඔන්න ඔය වගේ දවසක ජනප්‍රිය නිළියන්ගෙ පින්තූරැ ගන්න ගියාම මෙයාගෙ අතපය වෙව්ලනවලු. කොච්චර කිව්වත් ඒක හදාගන්න බැහැලු. හොඳට ඉඳලා පින්තූර ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මට දාඩිය දාගෙන වෙව්ලන්න පටන් ගන්නවලු.

ආයතනයේම වැඩ කරන කෙනෙක් මේකට විසඳුමක් යෝජනා කළාලු.
&මේ වගේ පින්තූරැ ගන්න කළින් මෙයාට අපි කාලක් පොවලා බලමුද?*
&පිස්සු හැදෙයි. මිනිහා ඕව කටේවත් තියන්නෙ නැහැ. ඔය කාල දුන්නොත් මිනිහා එතනදිම ඇදගෙන වැටෙයි, තව කෙනෙක් උත්තර දුන්නලු.